26.7 C
Colombo
Wednesday, February 25, 2026

Nexperia අර්ධ සන්නායක ගැටළු සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යවරයා හා යුරෝපා සංගම් නිලධාරියා අතර වීඩියෝ සම්මන්ත්‍රණයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

Nexperia අර්ධ සන්නායක ඇතුළු වෙළඳ හා ආර්ථික ගැටළු පිළිබඳව චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා සහ යුරෝපා සංගමයේ වෙළඳ හා ආර්ථික ආරක්ෂක කටයුතු පිළිබඳ නිලධාරි Maroš Šefčovič මහතා අතර වීඩියෝ සම්මන්ත්‍රණයක් ඊයේ(26) පැවැත්විණ.

ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ වත්මන් අවුල් සහගත තත්ත්වයට මූලික හේතුව සහ වගකීම නෙදර්ලන්තය සතු බව Wang Wentao මහතා එහිදී ප්‍රකාශ කළේය. යුරෝපා සංගමය ධනාත්මක කාර්යභාරයක් ඉටු කරමින් කඩිනමින් ඵලදායී විසඳුමක් ඉදිරිපත් කරන ලෙස නෙදර්ලන්ත රජයෙන් ඉල්ලීමක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු කීය.

Nexperia අර්ධ සන්නායක ගැටළුව විසඳීමට චීනය ගත් දැවැන්ත උත්සාහයන් පිළිබඳව කෘතඥතා පළ කරන බවත් චීනයේ උත්සාහය හේතුවෙන් ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකිවූ බවත් එහිදී Šefčovič මහතා කියා සිටියේය. තත්ත්වය තවදුරටත් සමනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.

ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ සුමට හා ස්ථාවර ක්‍රියාකාරිත්වය යළි සහතික කරමින්, දිගුකාලීන විසඳුමකට හැකි ඉක්මනින් යොමු වීම සඳහා Nexperia නෙදර්ලන්ත සමාගම සහ Nexperia චීන සමාගම අතර ඵලදායී සන්නිවේදනයක් හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා එක්ව පෙළඹවීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here