26.7 C
Colombo
Wednesday, February 25, 2026

පලස්තීන ප්‍රශ්නයට හැකි ඉක්මණින් විසඳුමක් සෙවීම සඳහා චීනයේ අඛණ්ඩ සහාය හිමිවන බව චීන ජනපති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පලස්තීන ජනතාව සමග සහයෝගීතාව සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම සම්මේලනය ඊයේ(25) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පැවැත්විණ.

වත්මන් තත්ත්වයන් යටතේ ගාසා තීරයට කල්පවත්වා  සටන් විරාමයක් සහ ගැටුම් යළි ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ශක්තිමත් එකඟතාවන් තුළින් වඩාත් සක්‍රීය පියවර ගත යුතු බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරයි. ගාසා තීරයේ පශ්චාත් ගැටුම් සමයේ පාලනය හා ප්‍රතිසංධානය “පලස්තීන ජනතාව විසින් පලස්තීනය පාලනය කිරීම”  යන මූලධර්මය මත සිදුවිය යුතු බවද චීන ජනාධිපතිවරයා කියා සිටී. පලස්තීන ජනතාවයේ පූර්ණ අභිලාෂයන්ට හා කලාපීය රටවල නීත්‍යනුකූල සැලකිලිවලටද එය යටත්විය යුතුය.

ෂී ජින්පිං මහතා සිය සුබ පැතුමෙන් අවධාරණය කරන්නේ ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් වහාම ක්‍රියා කළ යුතු අතර පලස්තීන ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්ත්වයන් අඩු කිරීමට ද පියවර ගත යුතු බවයි. ‘ද්වීරාජ්‍ය විසඳුම’ මත සිටිමින් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙර එකඟවූ දේශපාලන විසඳුම් ප්‍රවර්ධනය කළ යුතු බවද හෙතෙම කියා සිටී.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු ලෙසට චීනය පලස්තීන ජනතාවට සිය ජාතික නීත්‍යනුකූල අයිතීන් ප්‍රතිෂ්ඨාපනය වෙනුවෙන් ස්ථිරව සහාය පළ කරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව හැකි ඉක්මනින් පලස්තීන ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා චීනය අඛණ්ඩව ක්‍රියා කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here