26.7 C
Colombo
Wednesday, February 25, 2026

G20 සමුළුවට සමගාමීව චීන අගමැතිවරයා තවත් ඉහළ පෙළේ හමු කිහිපයකට එක්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එකිනෙකා වෙත ශක්තිමත්ව සහයෝගය දක්වමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගතා පුළුල් කිරීමට දකුණු අප්‍රිකාව සමග  ක්‍රියා කිරීමට චීනය  සූදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසයි. චීන අගමැතිවරයා මේ බව සඳහන් කළේ  G20 සමුළුවට සමගාමීව දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති Paul Mashatile මහතා සමග පැවති හමුවකදී ය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී චීන ජනාධිපතිවරයා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා බෙයිජිං හිදී හමුවූ අතර එහිදී  ද්වීපාර්ශ්වික සබඳතා ඉදිරිය‍ට ගෙනයාම වෙනුවෙන් වැදගත් එකඟාතාවන්ට එළැඹීමට හැකිවිය. දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශ දකුණු අප්‍රිකාව සමග අනුගමනය කිරීමට චීනය සූදානම් බවද චීන අගමැතිවරයා පැවසීය. දකුණු  අප්‍රිකවේ වඩාත් ගුණාත්මක හා තරඟකාරී නිශ්පාදන චීන වෙළඳපොලට ප්‍රවේශ කරවීම වෙනුවෙන් දකුණු අප්‍රිකාව සමග ක්‍රියා කිරීමට සූදානම් බවද හෙතෙම එහිදී සඳහන් කළේය. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් වෙනුවෙන් ක්‍රියාත්මක ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය යටතේ එම ප්‍රවේශය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. චීනයේ සහ අප්‍රිකාවේ සංවර්ධන හා සෞභාග්‍යවත් දීප්තිමත් අනාගයක් එක්ව ගොඩ නැංවීම හා චීන අප්‍රිකා සහයෝගතා සංවාදයේදී එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකාව සමග සංනිවේදනයන් ශක්තිමත් කිරීමට ද චීනය අපේක්ෂා කරයි.

එහිදී දකුණු අප්‍රිකාව දැඩිව එකම චීනය ප්‍රතිපත්තියේ එල්බ සිටින බව සනාථ කළ එරට උප ජනාධිපතිවරයා අප්‍රිකානු රටවල් සඳහා වන ශුන්‍ය තීරුබදු ප්‍රත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් චීනය සමග ක්‍රියා කිරීමට සූදානම් බව පැවසීය. චීනය ක්ෂේත්‍ර රැසක ද්වීපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ප්‍රධාන ගෝලීය මුලපිරුම් හතර දකුණු අප්‍රිකාව ඉහළින් අගය කරන බවද එර‍ට උප ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර G20 සමුළුවට සමගාමීව චීන අගමැති ලී ච්‍යං මහතා හා ජර්මානු චාන්සලර් Friedrich Merz මහතා අතර හමුවක් ද සිදුවිය. එහිදී අදහස් දැක්වූ චීන අගමැතිවරයා පැවසුවේ චීනය හා ජර්මනිය දෙපාර්ශ්වය සැලකිල්ල දක්වන කරුණු සංවාද හා සංනිවේදන ශක්තිමත් කරමින් මනාව හසුරුවා ගත යුතු බවයි. චීනය සම්බන්ධයෙන් වඩාත් තාර්කික හා ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ජර්මනිය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන අගමැතිවරයා චීන – යුරෝපා සංගම් සබඳතා පිළිබඳව වඩාත් පුළුල් දැක්මකින් යුතුව බැලීමට යුරෝපා සංගමය දිරිගැන්වීමට ජර්මනිය ක්‍රියා කරනු ඇතැයි  අපේක්ෂා කරන බවද පැවසීය.

චීනය පිළිබඳ සබඳතා වෙත ජර්මනිය වැදගත්කමක් ලබා දෙන බව පැවසූ Friedrich Merz මහතා, චීනයේ ’15 වන පස්අවුරුදු’ සැළැස්ම මගින් තම රටටත් යුරෝපා සංගමයටත් අවස්ථා ගෙන දිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව කියා සිටියේය. යුරෝපය හා චීනය අතර සංවාද තහවුරු කිරීම වෙනුවෙන් තම රට ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here