26.7 C
Colombo
Wednesday, February 25, 2026

චීනයේ විලයන ක්ෂේත්‍රය පිළිබඳ විද්‍යාත්මක වැඩසටහන් ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විද්‍යා ඇඩකමියේ දහන විලයන ප්ලාස්මා පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක වැඩසටහන An’hui පළාතේ Hefei නගරයේ දී නිල වශයෙන් ආරම්භ කෙරේ. අද(24) ආරම්භ කෙරුණු එම වැඩසටහනට සමගාමීව BEST නමින් හඳුන්වන සුසංයුක්ත විලයන බලශක්ති පර්යේෂණ සැළැස්ම ද එළි දැක්විණ.

ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ජර්මන්, ඉතාලි ඇතුළු රටවල් 10කට වැඩි සංඛ්‍යාවක විලයන විද්‍යාඥයන් එහිදී ‘Hefei විලයන ප්‍රකාශනය’ ට අත්සන් තැබීමෙන් අන්තර්ජාතික සහයෝගිතා තහවුරු කරමින් විලයන බලශක්ති පර්යේෂණ ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලා තිබේ.

අනාගතයේ පවිත්‍ර බලශක්තියේ අවසාන ගමනාන්තය ලෙසට සැළකෙන විලයන බලශක්තිය, ‘කෘත්‍රිම සූර්යය’ ලෙසින් විරුදාවලි ලබයි. විවෘත ආකල්පයකින් සහයෝගීතාවෙන් යුතුව පොදු-ජයග්‍රාහී බවේ රැඳී සිටිමින් ජාත්‍යන්තර තලයේ විද්‍යාත්මක හා පර්යේෂණ විද්වතුන් වැඩි පිරිසක් Hefei හි රැස් වී විලයන බලශක්තිය හා සම්බන්ධ අත්හදා බැලීම් හා සහයෝගීතා සිදු කරන ලෙස විද්‍යාඥයන් එම ප්‍රකාශනය මගින් ඉල්ලීමක් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here