26.7 C
Colombo
Wednesday, February 25, 2026

ත්‍රස්තවාදයට එරෙහි අභියෝග වෙත මුහුණ දීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි චීනය සිරියානු සංක්‍රාන්ති රජයෙන් ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ත්‍රස්තවාදයට එරෙහි අභියෝග වෙත මුහුණ දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා සිරියානු සංක්‍රාන්ති රජයෙන් ඉල්ලයි. සිරියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(19) පැවති විවෘත රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඵලදායී පියවර තුළින් ත්‍රස්ත විරෝධී බැඳීම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් “නැගෙනහිර ටර්කිස්ථාන ඉස්ලාමීය ව්‍යාපාරය” ඇතුළු ආරක්ෂක මණ්ඩලය විසින් ලැයිස්තුගත කර ඇති සියලු ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයන්ට එරෙහිව දැඩිව සටන් කිරීමට සිරියානු සංක්‍රාන්ති රජය පියවර ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම මෙහිදී සඳහන් කර ඇත.

එමෙන්ම සිරියාවට අනන්‍ය වූ ජාතික තත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට චීනය සහාය දෙන බවත්, දේශපාලන සංවාදය තුළින් තම ජනතාවගේ අභිලාෂයන් සපුරාලන ජාතික ප්‍රතිසංස්කරණ සැලැස්මක් සිරියාව සොයා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, චීන නියෝජිතයා පැවසීය. තවද, සියලු සිරියානු ජනතාව කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීනය සිරියානු ජනතාවගේ තේරීම්වලට ගරු කරයි. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සඳහා සිරියාවේ සහභාගීත්වය පිළිගන්නා චීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදය වැනි බහුපාර්ශ්වික රාමු තුළ සිරියාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද කැමැත්තෙන් සිටින බව, Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here