26.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන අගමැති Li Qiang මහතා ඊයේ (18) පස්වරුවේ මොස්කව්හි දී  රුසියානු ජනාධිපති Vladimir Putin මහතා හමු විය.

ද්විපාර්ශ්වික ස්ථාවර සහයෝගීතාවය ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා චීනය රුසියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේ ය. නව චීන-රුසියානු ජාතික මට්ටමේ තේමා වර්ෂයක් මනා ලෙස සංවිධාන කිරීමට දෙපාර්ශ්වය එක්ව උත්සාහ කළ යුතු බවත්, වීසා රහිත සහ අනෙකුත් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ප්‍රතිපත්ති ඵලදායි ලෙස භාවිත කළ යුතු බවත්, ද්විපාර්ශ්වික සබඳතාවන්හිදී ජනතාව අතර මිත්‍රත්වයේ පදනම ශක්තිමත් කළ යුතු බවත් ඔහු පැවසීය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ  ටියැන්ජින් සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරමින් ගෝලීය පාලන මුලපිරුම ක්‍රියාවට නැංවීමේ ආදර්ශයක් නිර්මාණය වෙනුවෙන් රුසියාව සමග කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය මෙන්ම කලාපීය සහ ගෝලීය සාමය හා සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීම වෙනු‍වෙන් ද රුසියාව සමඟ සමීපව උත්සාහ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන අගමැති Li Qiang මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

චීනය සමඟ ඉහළ මට්ටමේ සමීප හුවමාරු පවත්වා ගැනීමටත්,වෙළඳාම, බලශක්තිය,කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව පුළුල් කිරීමට සහ ජනතාව අතර හුවමාරු වැඩි කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව Putin මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම කලාපීය සහ ගෝලීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මෙන්ම පොදු සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ BRICS වැනි බහුපාර්ශ්වික වේදිකා තුළ චීනය සමඟ සන්නිවේදනය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here