ලාඕසයේ මහජන විප්ලවවාදී පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති Thongloun SISOULITH මහතා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා හමු වේ. එම හමුව සිදු වූයේ, ඊයේ(11) වියන්ටියාන්හිදී Li Shulei මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත කණ්ඩායම ලාඕසයේ නිල සංචාරයක නිරතවන අතරතුරය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන මාදිලියේ නවීකරණය දිනා ගත් විශිෂ්ට ජයග්‍රහණ එහිදී Thongloun SISOULITH මහතා බෙහෙවින් පැසසුමට ලක් කළේය. පක්ෂය සහ රට පාලනය කිරීමේ න්‍යායන් සහ අත්දැකීම් පිළිබඳව චීනය සමඟ තවදුරටත් අදහස් හුවමාරු ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය. ලාඕස-චීන දුම්රිය මාර්ගය දෙරටට සහ එහි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා සහ ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ මහලේකම් Thongloun SISOULITH මහතාගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ, චීන-ලාඕස සබඳතා සහ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ගැඹුරු වී ඇති අතර ඉන් ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව Li Shulei මහතා එහිදී පැවසීය. දෙරටේ ඉහළම නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කරමින් ආණ්ඩු පක්ෂ අතර හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කරමින්, ආර්ථිකය සහ වෙළඳාම, මාධ්‍ය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට චීනය ලාඕසය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද Li Shulei මහතා පැවසීය.

