25.6 C
Colombo
Thursday, February 26, 2026

ඔක්තෝබර් මාසයේ චීනයේ නව බලශක්ති වාහන අලෙවිය පළමු වරට සමස්ත නව මෝටර් රථ අලෙවියෙන් 50% ඉක්මවා යයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අලෙවිය මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ඉහළ වර්ධනයක් අත්කර ගෙන ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද (11) නිකුත් කළ නවතම දත්තයන්හී දැක්වේ.

‍‍ඔක්තෝබර් මාසයේදී, නව බලශක්ති වාහනවල මාසික අලෙවිය පළමු වරට සමස්ත නව වාහන අලෙවියෙන් 50% ඉක්මවා ගියේ ය.

නවතම දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය සහ අලෙවිය මිලියන 28කට ආසන්න වී ඇති අතර, එම අගයන් දෙකම පසුගිය වසරට සාපේක්ෂ්ව 10% කට අධික වර්ධනයක් අත්කර ගෙන තිබේ.ඒ අතරින්, නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 13 ඉක්මවා‍ ගොස් ඇති අතර අලෙවිය මිලියන 13කට ආසන්න වී තිබේ. එම අගයන්ද සියයට 30 ඉක්මවූ වර්ධනයකි.විශේෂයෙන් ම, ඔක්තෝබර් මාසයේදී නව බලශක්ති වාහනවල මාසික අලෙවිය පළමු වරට නව වාහනවල මුළු අලෙවියෙන් 51.6% දක්වා ළඟා වී ඇත. මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ නව බලශක්ති වාහන අපනයනය මිලියන දෙකකට වඩා අධික වන අතර එය සියයට 90 ඉක්මවූ වාර්තාගත වර්ධනයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here