25.6 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැතිවරි‍යගේ වැරදි ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳව ජපන් අගමැති Sanae Takaichi සිදු කළ වැරදි ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.

ජපන් අගමැතිවරිය එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සිදු කළ එම වැරදි ප්‍රකාශයෙන් තායිවාන සමුද්‍ර සන්ධියේ මිලිටරි මැදිහත්වීමක හැකියාවන් ඉඟි කෙරෙන අතර,  චීනය ඒ පිළිබඳව ජපානයට දැඩි විරෝධය පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

ජපානය තායිවාන ප්‍ර‍දේශයේ සිදු කළ යටත් විජිත පාලන‍ය දරුණු අපරාධයක් වන බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. ජපාන බලධාරීන් තායිවාන සමුද්‍ර සන්ධි කටයුතුවලට මැදිහත් වීමට දරන උත්සාහය, ජාත්‍යන්තර යුක්තියට, ජාත්‍යන්තර පටිපාටියට සහ චීන-ජපන් සබඳතාවට බරපතල හානියක් බව ඔහු කියා සිටියේය.

චීනයේ එක්සත්භාවය සම්බන්ධයෙන් සිදු කරන සියලු මැදිහත් වීම් සහ බාධා කිරීම් පරාජය කිරීමට චීන ජනතාවට දැඩි අධිෂ්ඨානය, පූර්ණ විශ්වාසය සහ ප්‍රමාණවත් හැකියාව පවතින බව Lin Jian මහතා අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here