25.6 C
Colombo
Thursday, February 26, 2026

“ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තන සංක්ෂිප්තය”නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් සම්පාදනය කරන ලද මාක්ස්වාදී න්‍යාය පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන ප්‍රධාන පෙළපොතක් වන “ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තන සංක්ෂිප්තය” යන ග්‍රන්ථය උසස් අධ්‍යාපන මුද්‍රණාලය සහ මහජන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එම ග්‍රන්ථයෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්ථික චින්තනයේ වැදගත්කම, ඓතිහාසික තත්ත්වය, සුවිශේෂී ලක්ෂණ, විද්‍යාත්මක පද්ධතිය, මූලික අර්ථය සහ ප්‍රායෝගික අවශ්‍යතා ක්‍රමානුකූලව පැහැදිලි කර ඇත. ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තනය, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ‘ෂී ජින්පිං චින්තනයේ’ වැදගත් අංගයක් බවත්, සමාජවාදී ආර්ථික සංවර්ධනයේ මාවත පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ අඛණ්ඩ ගවේෂණයන්හී වටිනා බුද්ධිමය එකතුවක් බවත්, නව යුගයේ ආර්ථික සංවර්ධනයේ භාවිතයට මඟ පෙන්වීම සඳහා මාක්ස්වාදී දේශපාලන ආර්ථිකයේ මූලික මූලධර්ම යෙදීමෙන් හැඩගැසුණු ප්‍රධාන න්‍යායික ජයග්‍රහණයක් බවත්, නව යුගයේ චීනයේ ආර්ථික කටයුතු සඳහා විද්‍යාත්මක ක්‍රියාකාරී මාර්ගෝපදේශයක් බවත් එම ග්‍රන්ථයෙන් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here