චීන මාධ්‍ය සමූහය, ඩෙන්මාර්කයේ චීන තානාපති කාර්යාලය සහ ඩෙන්මාර්ක-චීන ව්‍යාපාරික සංගමය සම-සත්කාරත්වයෙන් සංවිධාන කළ ‘නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදයේ ඩෙන්මාර්කයේ වැඩසටහන කෝපන්හේගන් හිදී පසුගිය 29 වැනිදා පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඒ සඳහා වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කළේ ය.
ඩෙන්මාර්කයේ චීන තානාපති Wang Xuefeng, ඩෙන්මාර්ක-චීන ව්‍යාපාරික සංගමයේ සභාපති Tom Behrens-Sørensen සහ එහි මහලේකම් Hans Henrik Pontoppidan යන මහත්වරු එහිදී දේශන පැවැත්වූහ. එමෙන් ම ෂැංහයි සහ ගුවැන්චෞ යන නගරවල හිටපු ඩෙන්මාර්ක කොන්සල් ජෙනරාල් Carsten Boyer Thøgersen මහතා ඇතුළු චීනයේ සහ ඩෙන්මාර්කයේ දේශපාලන, ව්‍යාපාරික, ශාස්ත්‍රීය සහ මාධ්‍ය කෂේත්‍රවල 100 කට අධික ආරාධිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

