අටවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය රුසියා -චීන ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට සහාය වනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පවසයි.
එය රුසියානු ව්‍යවසායකයන්ට නව අවස්ථාවන් ගෙන දීමට මෙන්ම සිය ජයග්‍රහණ පිළිබිඹු කිරීමට ද උපකාරී වනු ඇතැයි ඇය කියා සිටී. නිත්‍ය මාධ්‍ය හමුවකදී ෂින්හුවා ප්‍රවෘත්ති සේවය මතු කළ පැනයකට පිළිතුරු දුන් ඇය මෙවර ද චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට හැකිවෙතැයි සුබ ප්‍රාර්ථනා කළාය. රුසියානු නිෂ්පාදන, විශේෂයෙන් කෘෂි නිෂ්පාදන, කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ නිෂ්පාදන මෙන්ම අධි තාක්ෂණ උපකරණ ද චීන වෙළඳපොල තුළ ස්ථාවර ඉල්ලුමකට හිමිකම් කියන බව ද ඇය කියා සිටී. අභියෝග මධ්‍යයේ චීනයේ විදේශ වෙළඳාම් පරිමාව ශක්තිමත් ලෙස වර්ධනය වීම ඉහළින් අගය කළ ඇය, එය චීන කර්මාන්ත අංශයේ ශක්තිමත්භාවය පිළිබඳ සැබෑ පිළිබිඹුවක් යැයි ද පැවසුවාය. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට ඉතා වැදගත් බවද රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව සඳහන් කළාය.

