26.1 C
Colombo
Thursday, February 26, 2026

සාමකාමී එක්සත් වීම තායිවාන ආර්ථික හා සමාජීය සංවර්ධනයට මහඟු අවස්ථාවකි–චීන මහගොඩබිම

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සාමකාමී එක්සත් වීම තායිවාන ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට දැවැන්ත අවස්ථාවන් ලබා දෙන අතර තායිවාන ස්වදේශිකයන්ට ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන දෙනු ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Peng Qing’en මහතා ප්‍රකාශ කළේය. සාමකාමී මාර්ගයකින් රට එක්සත් කිරීම, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ස්වදේශිකයන් හා සමස්ත චීන ජාතියටම වාසිදායක තත්ත්වයක් බිහි කරන බවට චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (29) පැවති මාධ්‍ය හමුවකදී, වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

තායිවාන ප්‍රදේශයේ අද්විතීය තාක්ෂණික ශක්තීන් සහ ප්‍රවීණයින්ගේ සංචිතය මත, මහා ගොඩබිමේ විශාල වෙළඳපොළ සහ ආර්ථික ශක්තීන් හි වාසිදායක තත්ත්වයන් සමග, තායිවාන ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට පුනර්ජීවනයක් උදා වනු ඇතැයි විශ්වාස කෙරේ. තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස අතර සන්නිවේදන හා ගමනාගමන කටයුතු උපරිම මට්ටමින් සම්බන්ධ කිරීම මගින්, තායිවාන ප්‍රදේශයේ බලශක්ති සහ සම්පත් ආරක්ෂාව ද ශක්තිමත් කරනු ලබන අතර එහි යටිතල පහසුකම් වැඩි දියුණු වීම ද සිදු වනු ඇත. පොදු සේවාවන් සහ සම්පත්, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස අතර හුවමාරුව තුළින්, තායිවාන ස්වදේශිකයන් සඳහා වැඩි පහසුකම් සැලසෙ‍නු ඇත. එලෙසින් මව්බිමේ ශක්තිමත් පිටුබලය ඇතිව, තායිවාන ප්‍රදේශයේ ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභ පූර්ණ ලෙස සහතික කරන බව Peng Qing’en මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here