26.1 C
Colombo
Thursday, February 26, 2026

චීන සහ කසක්ස්තාන විදේශ අමාත්‍යවරු අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ කසක්ස්තාන විදේශ අමාත්‍ය Yermek Kosherbayev මහතා අතර ඊයේ (28) බෙයිජිංහිදී නිල හමුවක් සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් වැන්ග් යී මහතා සඳහන් කළේ, දෙරටේ නායකයින් විසින් ඇති කරගත් එකඟතාවන් අනුගමනය කරමින්, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමටත්, “එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාව ප්‍රවර්ධනයටත් චීන-කසක්ස්තාන සබඳතා අඛණ්ඩව නව තලයකට ඔසවා තැබීමට චීනය කැමැත්තෙන් සිටින බවය.

එමෙන්ම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සහ චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණයේ වේදිකා අඛණ්ඩව ප්‍රශස්ත කිරීමට සහ ශක්තිමත් කිරීමට මෙන්ම කලාපීය සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනයේ දී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කසක්ස්තානය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ Yermek Kosherbayev මහතා, කසක්ස්තානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ලබා දෙන සහාය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.

තවද, කසක්ස්තානය “එකම චීනය” මූලධර්මයට ස්ථිරව අනුගත වන බවත්, එහි මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සහය වෙමින්, චීනය සමඟ මිත්‍රශීලී හුවමාරු පවත්වා ගැනීමට මෙන්ම සියලු ක්ෂේත්‍රයන් හි ප්‍රායෝගික සහයෝගීතා ගැඹුරු කිරීමට ද කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here