26.1 C
Colombo
Thursday, February 26, 2026

ගෝලීය පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව චීන විදේශ ඇමතිගෙන් දේශනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

23 වන “Lanting සංසදය” ඊයේ (27) චීන විදේශ අමාත්‍යංශයේදී  පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊට එක් වෙමින්, “ගෝලීය පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීමෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම” යන මැයෙන් දේශනයක් සිදු කළේ ය.

පසුගිය මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා “ගෝලීය පාලන මුලපිරීම්” ඉදිරිපත් කර ඇතැයි ඔහු මෙහිදී පැවසීය. ගෝලීය පාලන මුලපිරීම් සංකල්පය තුළින් පැහැදිලිවම ලබා දෙන පණිවිඩය එක්සත් භාවයේ බලවේග ඒකරාශි කිරීමයි. එහි නොවෙනස් ස්ථාවරය බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම වන අතර සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීමේ දැක්ම එහි අත්‍යාවශ්‍යම කරුණ බව වං යී මහතා සඳහන් කළේ ය.

එමෙන්ම සියලු රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික සම්මතයන් ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව පෙන්වා දුන් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ පොදු සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරමින්, හදිසි සහ කැපී පෙනෙන අභියෝගයන්ට එක්ව මුහුණ දිය යුතු බව ය. එසේම ගෝලීය දකුණේ ඉල්ලීම්වලට ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වමින්, ගෝලීය පාලන රාමුව සම්පූර්ණ කිරීමට ද සියලු රටවල් පියවර ගත යුතු බව වං යී මහතා එහිදී කියා සිටි‍යේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය පසුගියදා සාර්ථක ව අවසන් විය. “15වැනි පස් අවුරුදු සැලැස්ම” ට අදාළ යෝජනා එහිදී සම්මත කෙරිණ. නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන චීනය, සියලු රටවල පොදු සංවර්ධනය සඳහා පුළුල් අවස්ථා නිර්මාණය කරනු ඇති බවට සැකයක් නොමැත. එසේම සාමයට හා සංවර්ධනයට අවධානය යොමු වෙමින් චීනය, මානව ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේදී නිසැකවම වැඩි වගකීමක් පෙන්නුම් කරනු ඇති බවත් වං යී මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here