26.1 C
Colombo
Thursday, February 26, 2026

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වැනිදා සිට 10වැනිදා චීනයේ ශංහයි නගරයේ පැවැත්වීමට නියමිත ය.

චීන උප වාණිජ ඇමති Sheng Qiuping මහතා අද(28) චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙවර ප්‍රදර්ශනයට අදාළ සූදානම් කටයුතු පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

හෙතෙම සඳහන් කළ පරිදි, මෙවර ප්‍රදර්ශනයට රටවල්, කලාප හා ජගත් සංවිධාන 155ක් පමණ එක් වනු ඇත. එයට එක් වීමට නියමිත විදේශීය ව්‍යවසායන් සංඛ්‍යාව 4108කි.  ප්‍රදර්ශනයේ සමස්ත භූමි වර්ග මීටර් 4ලක්ෂ 30 දහස ඉක්මවයි.

මේ වන විට මෙවර ප්‍රදර්ශනය පිළිබඳ සමස්ත සූදානම් කටයුතු සම්පූර්ණ කොට තිබෙන බව ඔහු එහිදී පැවසීය. චීනයේ දැවැන්ත වෙළඳපොළේ “නිශ්චිතභාවය” මගින් ගෝලීය ඉල්ලුමේ “අවිනිශ්චිතතාවයට” මුහුණ දිය හැකිය. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ලොව පුරා රටවලට චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය සමීපව අවබෝධ කර ගැනීමට ඉඩ සලසන බව Sheng Qiuping මහතා එහිදී සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here