29 C
Colombo
Thursday, February 26, 2026

2025 වසරේ මුල් කාර්තු තුනේ චීනයේ දේශීය සංචාර වාර සංඛ්‍යාව බිලියන 5ට ආසන්නයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ මුල් කාර්තු තුනෙහි චීනයේ දේශීය සංචාරක වෙළඳපොලෙහි ක්‍රියාකාරිත්වයට අදාළ දත්ත චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඊයේ (21) නිකුත් කෙරිණ. දේශීය වැසියන්ගේ සංචාරක දත්ත වාර්තාවන් හි සංචාරක නියැදි සමීක්ෂණ ලේඛනයන්ට අනුව, අදාළ කාල සීමාව තුළ චීනයේ දේශීය සංචාර වාර සංඛ්‍යාව බිලියන 4.998කි. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමක් වන අතර සංඛ්‍යාත්මක අගයක් ලෙස ගත් විට එය මිලියන 761 ක වැඩිවීමකි. ඒ අතරින්, නාගරික වැසියන්ගේ දේශීය සංචාර වාර සංඛ්‍යාව බිලියන 3.789ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී සියයට 15.9 ක වැඩිවීමකි. එමෙන්ම ග්‍රාමීය වැසියන්ගේ දේශීය සංචාර වාර සංඛ්‍යාව ද බිලියන 1.209 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව සියයට 25 ක වැඩිවීමකි.

සංචාරක වියදම් සැලකීමේදී, දේශීය වැසියන් වියදම් ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 4.85ක් (ඇ.ඩො.බිලියන684) වූ අතර එය පසුගිය වසරේ මුල් කාර්තු තුනෙහි තත්ත්වය හා සැසඳීමේදී සියයට 11.5ක වැඩිවීමකි. එය යුවාන් බිලියන 500 ක අගයකි. ඒ අතර, නාගරික වැසියන් සිය සංචාර සඳහා යුවාන් ට්‍රිලියන 4.05 ක් වියදම් කර ඇත. එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව සියයට 9.3 කින් වැඩිවීමකි. ග්‍රාමීය වැසියන් ද සිය සංචාර සඳහා යුවාන් බිලියන 800 ක් වියදම් කර ඇති අතර එය සියයට 24ක වැඩිවීමක් බව අදාළ සමික්ෂණයේ සඳහන්ව ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here