29 C
Colombo
Thursday, February 26, 2026

ඇමරිකා – රුසියා නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුරකථන සංවාදයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකා – රුසියා නායක දෙපළ අතර පසුගිය 16 වෙනිදා පැවති  දුරකථන සංවාදයේදී එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රුසියානු වි‍දේශ අමාත්‍යවරයා හා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක නිරත වෙති.

රුසියානු විදේශ අමාත්‍යංශය පළ කළ කෙටි නිවේදනයක‍ට අනුව දුරකථනය ඔස්සේ ඊයේ (20) පැවති එම සාකච්ඡාව ඵලදායී අයුරින් පවත්වා තිබේ. ඒ පිළිබඳ සවිස්තර වාර්තා  නිකුත් කර නොමැත.

ඉකුත් අගෝස්තු මාසයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩ්මීර් පුටින් යන මහත්වරු ඇමරිකාවේ Alaska හිදී හමුවූහ. එහෙත්, එහිදී කිසිදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ අතර, රුසියා – යුක්රේන සටන් විරාම සාකච්ඡා මේ වන විට අඩපණ වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here