29 C
Colombo
Thursday, February 26, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ගෝලීය පද්ධතිය රැක ගන්නැයි චීනය ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීමට එක් වන්නැයි චීනය ඉල්ලීමක් කරයි.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ කමිටු වාර්තාව” යන මැයෙන් ඊයේ (20) පැවති 80 වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හයවන කමිටු සමුළුවට එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා මේ බව සඳහන් කළේ ය.

සංකීර්ණ වූ වත්මන් ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය, ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල මෙන්ම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වූ සබඳතාවන් හි මූලික සම්මතයන් ද ගෝලීය ප්‍රජාව ආරක්ෂා කළ යුතු බව හෙතෙම එහිදී කියා සිටියේ ය.

මෙම වසර ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. මෙය ඉතිහාසය මතකයේ තබා ගැනීමට සහ පැහැබර අනාගතයක් ගොඩනැඟීමට වැදගත් වන්නා වූ මොහොතකි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, පශ්චාත් යුද කටයුතු හා සම්බන්ධ ජාත්‍යන්තර පිළිවෙල සහ සමකාලීන ජාත්‍යන්තර නීතිය සඳහා ද මූලික පදනම සකසා ඇති බව Geng Shuang මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ව ආරක්ෂා කරනු ඇත. එ‍සේම බහුපාර්ශ්විකත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම, ලෝක සාමය හා සංවර්ධනය ඉදිරියට ගෙන යාම මෙන්ම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය සඳහා, සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here