29 C
Colombo
Thursday, February 26, 2026

13 වැනි චීන ජාත්‍යන්තර ජන කලා උළෙල ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

13 වැනි චීන ජාත්‍යන්තර ජන කලා උළෙල ඊයේ(16) රාත්‍රී දකුණු චීනයේ Guangdong පළාතේ Foshan නගරයේදී ආරම්භ විය.එය චීන සාහිත්‍ය හා කලා සංගමය විසින් සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 13 ක කලා කණ්ඩායම් හා චීන කලා කලාකරුවෝ 500 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.

“කලාව බෙදා ගමු හදවතින් බැ‍ඳෙමු”යන ප්‍රධාන තේමාවෙන් යුත් එම ජන කලා උළෙලේදී ඒ ඒ එටවල් කලා කණ්ඩායම් Guangdong පළාතේ Dongguan, Zhuhai හා Shenzhen යන නගරවලට පැමිණ කලා සංදර්ශන හා හුවමාරු වැඩසටහන් පැවැත්වීමට ද සූදානමින් සිටිති.

1990 වසරේ ආරම්භ වූ චීන ජාත්‍යන්තර ජන කලා උළෙල මේවන විට වාර 12 ක් සාර්ථකව පවත්වා තිබේ. ලෝකයේ ඒ ඒ රටවල් 68ක ජන කලා කණ්ඩායම් 173ක් ඊට සහභාගී විය. එය චීනය හා විදේශ  ජනතාව අතර සංස්කෘතික හුවමාරු සුවිශේෂ සන්නාමයක් බවට පත්ව ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here