31.7 C
Colombo
Thursday, February 26, 2026

වඩා යහපත් ගෝලීය පාලනයක් උදෙසා යටත්විජිත මානසිකත්වය තුරන් කිරීම ඉතා වැදගත්– චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යටත්විජිත ක්‍රියාවලිය ප්‍රවර්ධනය මෙන්ම යටත්විජිත මානසිකත්වය තුරන් කිරීම වඩාත් හොඳ ගෝලීය පාලනයක් සඳහා ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත  Geng Shuang මහතා පවසයි. හෙතෙම මේ  බව කියාසිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසියේ සිව්වන කමිටුවේ පොදු විවාදයේදී යටත් විජිතකරණය තුරන් කිරීම පිළිබඳ අදහස් දක්වමිනි.

මීට වසර 65 කට පෙර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යටත්විජිත රටවලට සහ ජනතාවට ස්වාධීනත්වය ලබා දීමේ ප්‍රකාශනය සම්මත කළ අතර, ඉන් යටත්විජිතවාදය මුළුමනින් අවසන් කිරීම සඳහා මෙන්ම එම රටවල ජනතාවට නිදහස, සමානාත්මතාවය සහ ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා දිරිගැන්වීමක් ලබා දුන්නේය.

‍නමුත් වර්තමානය වනවිට ද යටත්විජිතකරණය අවසන් වීම සහ එහි ආධිපත්‍ය බිඳවැටීම නොතකා එම මානසිකත්වය තවදුරටත් පවතින බව ඔහු පැවසීය. එමෙන්ම යටත්විජිතකරණය අවසන් කිරීම යන්න යුද ආක්‍රමණ සහ වෙනත් භෞතික සම්පත් සූරා කෑම අවසන් කිරීමට පමණක් සීමා නොවන වැදගත් දෙයක් බව Geng Shuang මහතා එහිදී සඳහන් කර ඇත.

යටත්විජිතකරණයට එරෙහි ජාත්‍යන්තර දිනය සහිත යෝජනා කෙටුම්පතට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහාය දක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඒ සඳහා අවශ්‍ය යෝජනාව වෙනිසියුලාව විසින් මෑතකදී ඉදිරිපත් කළ අතර එමගින් යටත්විජිතවාදය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ඉදිරියට ගෙන යා හැකි වනු ඇත.

ස්වයං  පාලනයක් නොමැති ප්‍රදේශ 17 ක යටත්විජිතකරණය අවසන් කර ඒවායෙහි ස්වාධීනත්වය වෙනුවෙන් චීනය සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම මල්විනාස් දූපත් පිළිබඳ ප්‍රශ්නය යටත්විජිතකරණයේ නොවිසඳුණු ගැටලුවක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුකූලව සාකච්ඡා  මෙන්ම සාමකාමී ප්‍රවේශ ඔස්සේ භූ දේශපාලනික ආරවුල් විසඳා ගැනීම සඳහා  කටයුතු කළ යුතු බවත් එ සඳහා චීනය නිරන්තරයෙන් පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here