බාහිර බලවේග වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට චීනය විරුද්ධ වන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත, තානාපති Fu Cong මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ කැරිබියන් මුහුදේ ආතතීන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(10) කැඳවූ හදිසි විවෘත රැස්වීම අමතමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරමට පහර දීම මුවාවෙන්, ඇමරිකාව මෑතකදී කැරිබියන් මුහුදේ වෙනිසියුලාව අසල මුහුදු කලාපයේ හමුදා බලය යෙදවූ අතර, වෙනිසියුලානු යාත්‍රා ගිල්වා, එහි නාවිකයින් වෙඩි තබා ඝාතනය කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර වෙනිසියුලානු ධීවර බෝට්ටු සිය ග්‍රහණයට ගැනීමට ද ක්‍රියා කළේය. එමඟින් කලාපයේ අඛණ්ඩ ආතතීන් වර්ධනය වී තිබේ. මෙම ඇමරිකානු ක්‍රියාමාර්ග සෙසු රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ නීත්‍යනුකූල අයිතිවාසිකම් මෙන්, ජාත්‍යන්තර නීතිය ද බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව Fu Cong මහතා ප්‍රකාශ කරයි. කලාපීය සාමය සහ ආරක්ෂාවට තර්ජනයක් වන ඇමරිකානු පියවරයන් සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළ කරන අතර එහි තත්ත්වය කෙරේ සමීප අවධානය යොමු කරන බව ද ඔහු කීය.
අදාළ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නීති රාමු හරහා නීත්‍යනුකූල පියවර ගැනීම හා අධිකරණ සහයෝගීතාවන් සිදු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද Fu Cong මහතා කියා සිටියේය.

