31.7 C
Colombo
Thursday, February 26, 2026

චීනය ඇමරිකාවේ නෞකා සම්බන්ධයෙන් විශේෂ වරාය ගාස්තු පැනවීමක් සිදු කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය ඇමරිකාවේ ව්‍යාපාර , සංවිධාන හා පුද්ගලයන් සතු නෞකා සම්බන්ධයෙන් විශේෂ වරාය ගාස්තු පැනවීමක් සිදු කරයි. චීන ප්‍රවාහන අමාත්‍යංශයට අනුව ඔක්තෝබර් 14 වෙනිදා සිට එය ක්‍රියාත්මක කෙරේ.

චීන නෞකා සම්බන්ධ ඛාණ්ඩ 301 විමර්ශණයෙන් අනතුරුව අතිරේක වරාය ගාස්තු පැනවීමට ඇමරිකාව ගත් තීරණයෙන් පසු චීනය මෙම පියවර ගෙන තිබේ.ඇමරිකාවේ එම තීරණයද ලබන 14 වෙනිදා සිට බලපැවැත්වේ.

චීන ප්‍රවාහන අමාත්‍යංශයට අනුව ඇමරිකාවේ ව්‍යාපාර , සංවිධාන හා පුද්ගලයන් සතු හෝ සෘජු හෝ වක්‍ර වශයෙන් හෝ සියයට 25ක හිමිකම් සහිත ‍නෞකා මෙන්ම ඇමරිකාවේ ධජය යටතේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත නෞකා මෙම අතිරේක වරාය ගාස්තු අය කිරීමට ඇතුළත් වෙයි. මූලික වශයෙන් ටොන් එකකට යුවාන් 400ක මුදලක් අයකෙරෙන අතර වසර 3ක කාලයක් වෙනුවෙන් වාර්ෂිකව අප්‍රේල් 17 වෙනි දින එම ගාස්තු ඉහළ නැංවීමක් සිදු වන බවද අමාත්‍යංශය සඳහන් කරයි. එය චීන නාවික ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතීන් හා ප්‍රතිලාභ සුරැකීම වෙනුවෙන් ගත් සාධාරණ පියවරක් බව චීන ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටී. ඇමරිකාවේ ක්‍රියාව ජාත්‍යන්තර වෙළඳ මූලධර්මයන්  සහ චීන-ඇමරිකා නාවික ප්‍රවාහන ගිවිසුම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඉන් දෙරට අතර නාවික වෙළඳාමට බරපතල හානි සිදුවන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි. මෙම වැරදි ක්‍රියාවන් වහාම නිවැරිදි කර චීන නාවික කර්මාන්තයට අයුතු ආකාරයේ මර්දනයන් සිදු කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට බල කර සිටින බවද චීන ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here