31.7 C
Colombo
Thursday, February 26, 2026

ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ගෝලීය පාලනය ශක්තිමත් කිරීම සඳහා චීනය යෝජනා ඉදිරිපත් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

වර්තමානයේ ඒකපාර්ශ්විකත්වය සහ අධිපතිවාදී ක්‍රියාවන් බහුලව දක්නට ලැබෙන බවත්, ස්වෛරී සමානාත්මතාවය සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම වැනි ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මයන්ට බලපෑම් එල්ල වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, “ජාතික සහ ජාත්‍යන්තර නීතිමය පාලනය” යන තේමාව යටතේ 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 6 වැනි කමිටුවේ ඊයේ(9) පැවති රැස්වීම අමතමිනි.

එම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර නීතියේ අධිකාරිය සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා, ආධිපත්‍යය සහ බලයේ ප්‍රමුඛත්වයටත්, ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව අයුතු ලෙස සම්බාධක පැනවීමටත්, ප්‍රචණ්ඩත්වය අනිසි ලෙස භාවිත කිරීමටත් මෙන්ම ජාත්‍යන්තර නීතියේ නාමයෙන් එහි ආධිපත්‍යයට හානි වෙන ලෙස ක්‍රියා කිරීමටත් විරුද්ධ විය යුතු බව ඔහු සඳහන් කළේය.

එමෙන් ම,විශාලත්වය, ශක්තිය, දරිද්‍රතාවය හෝ ධනය නොසලකා සියලු රටවල් ජාත්‍යන්තර නීති අර්ථ නිරූපණය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී සමානාත්මතාවයේ මූලධර්මය ආරක්ෂා කළ යුතු අතර, විශ්වීයව පිළිගත් ජාත්‍යන්තර නීති කුඩා කවවල නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධ විය යුතුය.

වත්මන් යාන්ත්‍රණයන්ට අනුපූරක වශයෙන්, චීනය තමාට සමාන අභිලාෂය ඇති රටවල් සමඟ එක්ව ජාත්‍යන්තර සමථකරණ ආයතන ස්ථාපිත කර ඇත. මැදිහත් වීම සහ සාකච්ඡා වැනි සාමකාමී ක්‍රම මගින් වෙනස්කම් මෙන්ම ගැටුම් විසඳීමට කැපවීම සඳහා එම ආයතනයට සහභාගි වන ලෙස චීනය වඩාත් වැඩි රටවලට ආරාධනා කරන බව ද Geng Shuang මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here