30 C
Colombo
Thursday, February 26, 2026

උතුරු කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ 80 වන සංවත්සරය සැමරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

උතුරු කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ 80 වන සංවත්සරය සමරමින් ඊයේ (09) Pyongyang හිදී විශේෂ සම්මේලනයක් පැවැත්විණ. උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය මණ්ඩල සභාපති Kim Jong Un මහතා‍ ඊට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය. ලොව පුරා රටවල් රැසකින් පැමිණි පක්ෂ සහ රජයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය අද (10) නිකුත් කළ වාර්තාවකට අනුව, Kim Jong Un මහතා‍ සිය දේශනයේ දී උතුරු කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ ඉතිහාසය මෙන්ම එම විප්ලවයට නායකත්වය දීමේ ඉතිහාසය සාරාංශ කළේය. උතුරු කොරියානු කම්කරු පක්ෂය සැබෑ ජනතා රාජ්‍යයක් සහ සමාජවාදී අදහස් හා සංකල්ප පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගන්නා ශක්තිමත් රටක් ගොඩනඟා ඇති බවත්, ස්වාධීනත්වය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ ජාත්‍යන්තර අරමුණට වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවත් ඔහු එහිදී පැවසීය. උතුරු කොරියාව වඩාත් සාරවත් හා සුන්දර සමාජවාදී පාරාදීසයක් බවට පත් කිරීම සඳහා ජනතාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ද Kim Jong Un මහතා‍ අවධාරණය කළේය.

උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඊයේ (09) රාත්‍රියේ Pyongyang හි දැවැන්ත සමූහ ජිම්නාස්ටික් සහ සංස්කෘතික සංදර්ශනයක් ද පැවති බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here