30 C
Colombo
Thursday, February 26, 2026

කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් ෂී ජින්පිං මහතාගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් කිම් ජොන්-උන් මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

කොරියානු කම්කරු පක්ෂය පිහිටුවීමේ 80 වන සංවත්සරය වෙනුවෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් හා පෞද්ගලිකවද, සහෝදර මහලේකම් කිම් ජොන්-උන් මහතා, කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාව, එම පක්ෂයේ සියලු සාමාජිකයින් සහ සමස්ත උතුරු කොරියානු ජනතාව වෙත උණුසුම් සුබ පැතුම් හා සුන්දර ප්‍රාර්ථනාවන් පිරිනමන බව ෂී ජින්පිං මහතා අද(10) යොමු කළ එම පණිවිඩයේ දැක්වේ.

චීනය සහ උතුරු කොරියාව යන රටවල් දෙකම කොමියුනිස්ට් පක්ෂ විසින් මෙහෙයවනු ලබන සමාජවාදී රටවල්ය. මෑත වසරවල තමා බොහෝ අවස්ථාවලදී මහලේකම් සහෝදරයා හමුවී පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සබඳතාවේ වර්ධනයට මඟ පෙන්වමින් චීන-උතුරු කොරියානු මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් විවර කර ඇතැයි ද ඔහු කීය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන-උතුරු කොරියානු සබඳතාව පවත්වා ගැනීම, තහවුරු කිරීම සහ සංවර්ධනය කිරීම සැමවිටම චීන ආණ්ඩු පක්ෂයේ සහ රජයේ නොසැලෙන ප්‍රතිපත්තියයි.

චීන-උතුරු කොරියානු සබඳතාව අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා, උපායමාර්ගික සන්නිවේදනය, ප්‍රායෝගික සහයෝගීතාව සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ‍උතුරු කොරියාව සමග එක්ව ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. එසේම දෙරටේ සමාජවාදී ව්‍යායාමයට සේවය කරමින් කලාපයේ සහ ලෝකයේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. කොරියානු කම්කරු පක්ෂයට අඛණ්ඩව ජයග්‍රහණ දිනා ගැනීමටත් චීනය සහ උතුරු කොරියාව අතර සදාකාලීන මිත්‍රත්වය සඳහාත් ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන්  ප්‍රාර්ථනා පළ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here