30 C
Colombo
Thursday, February 26, 2026

චීන විදේශ අමාත්‍යවරයා සහ ඉතාලි නියෝජ්‍ය අගමැතිවරයා අතර සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉතාලි නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Antonio Tajani මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ(08) රෝමයේදී පැවැත්විණ.

චීනය සහ ඉතාලිය, දෙරට නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ප්‍රායෝගිකව අඛණ්ඩ ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Yi මහතා එහි දී පැවසීය. හරිත සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණය, අභ්‍යවකාශය සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. දෙරටේ ව්‍යවසායන්හි අන්‍යෝන්‍ය ආයෝජන දිරිගැන්වීම සඳහා, සාධාරණ, විනිවිද පෙනෙන, වෙනස්කම්වලින් තොර මෙන්ම යහපත් අනාගතයක් බිහි කළ හැකි ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීමට චීනය ඉතාලිය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

“එකම චීනය” ප්‍රතිපත්තියට ඉතාලිය  තදින් අනුගත වන බවත්, චීනය සමඟ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවත් Tajani මහතා එහිදී අවධාරණය කළේය.

එම සාකච්ඡාවෙන් පසුව, ඔවුහු එක්ව චීන-ඉතාලි රාජ්‍ය කමිටුවේ 12 වන ඒකාබද්ධ රැස්වීමට සහභාගී වූහ. එහි දී විවිධ ක්ෂේත්‍රවල චීන-ඉතාලි සහයෝගීතාවයේ ජයග්‍රහණ Wang Yi මහතා බෙහෙවින් අගය කළේය. සංකීර්ණ හා කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වය යටතේ වුවද, චීනය සහ ඉතාලිය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත්, සැමවිටම එකිනෙකාව විශ්වාස කරමින්, එකිනෙකාගේ ජයග්‍රහණයට සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here