30 C
Colombo
Thursday, February 26, 2026

දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනයන් ශක්තිමත් කිරීමට චීනය පියවර ගනී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන වාණිජ අමාත්‍යාංශය නිවේදන දෙකක් නිකුත් කරමින් දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය ශක්තිමත් කරයි.

මෑතකදී ඇතැම් විදේශීය සංවිධාන සහ පුද්ගලයින්, චීනයේ නිෂ්පාදිත දුර්ලභ පස් අයිතම සෘජුව හෝ පිරිසැකසීමෙන් පසු අදාළ සංවිධාන සහ පුද්ගලයින් වෙත සැපයීම, චීනයෙන් දුර්ලභ පස් තාක්ෂණයන් නීති විරෝධී ලෙස ලබා ගෙන හමුදා මෙහෙයුම් වැනි සංවේදී ක්ෂේත්‍රවලට සෘජුව හෝ වක්‍රව භාවිත කිරීම සිදු කර තිබේ. මෙය චීනයේ ජාතික ආරක්ෂාවට සහ අවශ්‍යතාවලට බරපතල හානියක් හෝ විභව තර්ජන ගෙන දී ඇති අතර, ජාත්‍යන්තර සාමයට සහ ස්ථාවරත්වයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ.

ඊට අවධානය ‍යොමු කරමින් චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය ඇතුළු නීති සහ රෙගුලාසිවලට අනුකූලව, චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්, චීන වාණිජ අමාත්‍යාංශය අද(9) 2025 අංක 61 සහ 62 දරන නිවේදන නිකුත් කළේය. ඒ අනුව, විදේශයන්හි ඇතැම් චීන නිෂ්පාදිත දුර්ලභ පස් අඩංගු අයිතම හා දුර්ලභ පස් ආශ්‍රිත තාක්ෂණයන් සඳහා අපනයන පාලනය ක්‍රියාත්මක‍ කෙරේ.

අදාළ රෙගුලාසි සපුරන අයිතම සඳහා, චීන රජය බලපත්‍ර ලබා දෙනු ඇත. හදිසි වෛද්‍ය ප්‍රතිකාර, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ආපදා සහන කටයුතු වැනි මානුෂීය සහනාධාර සම්බන්ධ අපනයනය කිරීම් සඳහා, බලපත්‍ර අවශ්‍යතාවන් ගෙන් තොරව අපනයනය සිදු කළ හැකිය. තවද, පවතින වාණිජ කොන්ත්‍රාත්තු ඉටු කිරීමට සහ අනුකූලතා සපුරාලීමට පාර්ශ්වකරුවන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී සාධාරණ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් ද ඇතුළත් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here