චීන ව්‍යවසායන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අවංකව ආරක්ෂා කරන ලෙස චීනය මෙක්සිකෝවෙන් ඉල්ලා සිටී.
මෙක්සිකෝව මෑතකදී චීනයේ නිෂ්පාදිතයන් අඩු මිලට අලෙවි කිරීමට එරෙහිව විමර්ශනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
දේශීය ව්‍යවසායන්ගේ ඉල්ලීම පරිදි, මෙක්සිකානු ආර්ථික අමාත්‍යාංශය මෑතකදී චීනයේ පාවෙන වීදුරු, පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ආලේපිත රෙදි සහ අනෙකුත් නිෂ්පාදිත සම්බන්ධයෙන් අඩු මිලට අලෙවි කිරීමට එරෙහි විමර්ගන හතරක් ආරම්භ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් එම ප්‍රකාශකවරයා අදහස් පළ කරමින් පැවසුවේ, තම නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට හානි කරන ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගවලට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර මෙක්සිකෝවේ විමර්ශනයේ ප්‍රගතිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි.
වත්මන් ඇමරිකාව තීරුබදු අනිසි ලෙස පැනවීමේ පසුබිම යටතේ, සියලුම රටවල් ඒකාබද්ධව ඒකපාර්ශ්වවාදයට විරුද්ධ විය යුතු අතර ආරක්ෂණවාදය පැතිරීමට ඉඩ නොදිය යුතුය. එසේම අන් අයගේ බලහත්කාරය යටතේ විවිධ කඩතුරාවන්ට මුවාවී චීනයට සීමාවන් නොපැනවිය යුතු බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේය.