25 C
Colombo
Sunday, October 5, 2025

චීනයේ මූලික අධ්‍යාපන සේවා ඉහළ මට්ටමක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ මූලික අධ්‍යාපන සේවා ලොව ඉහළ ආදායම් සහිත රටවල සාමාන්‍ය මට්ටමට ළඟා වී ඇතැයි චීන අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෙර පාසල් කාලය තුළ ලබා දෙන සහනශීලී ප්‍රතිපත්තීන් යටතේ දරුවන් 12,000,000කට වැඩි පිරිසකට එම වයස් සීමාවට අදාළ අධ්‍යාපන අවස්ථා හිමිව ඇති අතර, කෝරළ මට්ටමින් ද අනිවාර්ය අධ්‍යාපන සේවාවන් හි මූලික සමබරතාවයක් පෙන්නුම්  කර ඇත. අධ්‍යාපන ඇමති Huai Jinping මහතා මේ බව පැවසුවේ චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (23) පැවති ‘14 වන පස්අවුරුදු’(2021-2025) සමයේ අධ්‍යාපනය සඳහා සැකසූ විවිධ ඉලක්ක පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ය.

චීනයේ උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමේ අනුපාතය, 2012 වසරේ පැවති 30%ක අගයේ සිට 60.8%ක ප්‍රතිශතයක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපනය ජනප්‍රිය තලයකට පිවිස ඇති බව එමගින් පිළිබිඹු කෙරේ. මෙම සාර්ථකත්වයන් ද සමඟින් 2021ත් 2025ත් අතර කාලය තුළ, විශ්වවිද්‍යාල උපාධිධාරීන් 55,000,000ක පමණ පිරිසක් සමාජ ගතව, රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වී තිබීම විශේෂත්වයක් බව ද එහිදී විග්‍රහ කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here