25 C
Colombo
Sunday, October 5, 2025

චීනයට එරෙහි යුරෝපා සංගමයේ වෙළඳපළ බාධක ඉවත් කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුරෝපා සංගමය තීරුබදු ආයුධයක් ලෙස භාවිත නොකර වෙළඳපළ බාධක ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශක He Yadong මහතා ඊ‍යේ(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

යුරෝපා සංගමය සාධාරණ තරගකාරිත්වය දිරිමත් කරනු ඇති බවත්, කාර්මික සංවර්ධනය සඳහා සාධාරණ, වෙනස්කම් කිරීම්වලින් තොර සහ පුරෝකථනය කළ හැකි වෙළඳපොල පරිසරයක් ඒකාබද්ධව නිර්මාණය කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවත් He Yadong මහතා එහිදී කියා සිටියේය.

චීන විදුලි වාහන ලාභදායී බැවින් “හානි තර්ජනය” යන පදනම් විරහිත ප්‍රකාශය මුවාවෙන් යුරෝපා සංගමය චීන විදුලි වාහනවලට සහනාධාර විරෝධී බදු පැනවීම, සැබවින්ම වෙළඳපල බාධක සකස් කොට නිදහස් තරගකාරිත්වයට බාධා කිරීමේ ක්‍රියාවක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

ආරක්ෂණවාදයට වෙළඳපොළේ බලගතු බලයට බාධා කළ නොහැකි වන අතර යුරෝපා සංගමයේ පාරිභෝගිකයින්ගේ තාර්කික තේරීම් නැවැත්විය නොහැකි බවට සත්‍යාපනය වී ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here