26.7 C
Colombo
Sunday, October 5, 2025

2021-2025 සමයේ චීනයේ ජෛව පරිසර සංරක්ෂණ අඛණ්ඩ ව ඉහළ මට්ටමකට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘14 වන පස්අවුරදු’ (2021-2025) සමයේ චීනයේ ජෛව පරිසර සංරක්ෂණ තවදුරටත් ඉහළ මට්ටමකට ළඟා වී ඇතැයි වාර්තා වෙයි.

එම කාලය තුළ, වායු දූෂණ පාලන ක්‍රියාමාර්ගය සිදු කරන අතරතුර, සුන්දර චීනයක් ගොඩනැංවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට චීනය පියවර ගෙන ඇත. 2024 වසර පුරා, පැහැබර වාතය සහිත දින අනුපාතය 87.2% දක්වා ඉහළ නංවා තිබේ. ජෛව පරිසරය කෙරෙහි ජනතාව දක්වන තෘප්තිය ගත වූ වසර 4ක් අඛණ්ඩ ව 90%  ඉක්මවා තිබීම විශේෂත්වයකි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(19) පැවති ‘14 වන පස්අවුරුදු’(2021-2025) සමයේ ජෛව පරිසර සංවර්ධනය පිළිබඳ මාධ්‍ය හමුවේදී ජෛව හා පාරිසරික අමාත්‍ය Huang Runqiu මහතා මේ බව දැනුවත් කර තිබේ.

එමෙන් ම, වර්තමානයේ චීනයේ ගොඩබිම් ප්‍රදේශවල ජෛව පාරිසරික සංරක්ෂණ රතු රේඛා භූමි වපසරිය 30%කට අධික වීම කැපී පෙනේ. ගොඩබිමේ ජෛව පද්ධතීන්වලින් 90%ක් හා ජාතික වශයෙන්  වන ජීවීන් හා ශාඛවලින් 74%ක ප්‍රධාන ගහණයක් මැනවින් සංරක්ෂණයට ලක් වී ඇතැයි ද එහිදී විග්‍රහ කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here