25.7 C
Colombo
Monday, October 6, 2025

Typhon අතරමැදි දුර මිසයිල පද්ධතිය ඉවත් කර ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් සහ ජපානයෙන් ඉල්ලා සිටී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ බරපතල විරෝධය නොසලකා හරිමින්, ඇමරිකාව සහ ජපානය ඒකාබද්ධ යුද අභ්‍යාස නාමයෙන්, ජපානයේදී Typhon අතරමැදි දුර මිසයිල පද්ධතියක් ගොඩනංවා තිබේ. මේ පිළිබඳ චීනය දැඩි අප්‍රසාදය සහ දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(16) පැවති මාධ්‍ය හමුවේදී මෙබව සඳහන් කරමින් පැවසුවේ, ඇමරිකාවේ හැසිරීම් අනෙකුත් රටවල නීත්‍යනුකූල ආරක්ෂක අවශ්‍යතාවලට හානි කරන බවයි. එය කලාපීය අවි තරඟයේ සහ හමුදා ගැටුම්වල අවදානම වැඩි කිරීමට හේතුවනු ඇත. කලාපීය උපායමාර්ගික ආරක්ෂාවට ද මෙය සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනු ඇතැයි චීන ප්‍රකාශකයා පැවසීය. ඇමරිකාව සහ ජපානය, කලාපීය රටවල ඉල්ලීම්වලට අවනත වී තම වැරදි භාවිතයන් නිවැරදි කළ යුතු ය. හැකි ඉක්මනින් Typhon අතරමැදි දුර මිසයිල පද්ධතිය ඉවත් කර ගන්නා ලෙස, චීනය ඇමරිකාවෙන් සහ ජපානයෙන් ඉල්ලා සිටින බව Lin Jian මහතා එහිදී අවධාරණය කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here