25.7 C
Colombo
Monday, October 6, 2025

චීන විදේශ අමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයේ ජයග්‍රහණ ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ අමාත්‍ය වං යී මහතා පසුගියදා ඔස්ට්‍රියාව, ස්ලෝවේනියාව, පෝලන්තය යන රටවල් තුනේ සංචාරය කළේය. මෙවර සංචාරය සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශක Lin Jian මහතා මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ තොරතුරු විස්තර කළේය.

එම සංචාරය හරහා ද්විපාර්ශ්වික සබඳතාවන් තහවුරු වූ බව Lin Jian මහතා ප්‍රකාශ කළේය. අදාළ රටවල් තුන සමග උපායමාර්ගික සංවාද ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා සංචාරය අතරතුර පැවසීය. චීනය හා යුරෝපය ප්‍රතිවාදීන් නොව මිතුරන් විය යුතු බවත් පරස්පරතාවන්ට වඩා සහයෝගිතා පැවැත්විය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ඔස්ට්‍රියාව, ස්ලෝවේනියාව, පෝලන්තය යන රටවල් තුනේ නායකයින් පැවසුවේ චීනය සමග සබඳතාව ඉතා වැදගත් කොට සලකන බවයි. චීනය සමග උසස් පෙළේ හුවමාරු පවත්වා හවුකාරීන් ලෙස චීනය හා යුරෝපය ක්‍රියාකාරී සංවාද හා සහයෝගිතා තහවුරු කළ යුතු බවද ඔවුන් පවසා ඇත.

ඊට අමතරව මෙවර සංචාරය හරහා නිවැරදි දෙවන ලෝක යුද්ධයේ ඓතිහාසික අවබෝධය ප්‍රචාරය කිරීමද සිදුවිය. චීන ජනතාව දෙවන ලෝක යුධ ජයග්‍රහණ දිනා ගැනීම සඳහා සිදු කළ දැවැන්ත කැපකිරීම් සහ ශ්‍රේෂ්ඨ දායකත්වය අදාළ රටවල් තුනේ නායකයන්ගේ ඉහළ ප්‍රශංසාවට ලක්විය. එමෙන්ම එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කිරීමද එහිදී ඔවුන් යළි අවධාණය කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here