27.4 C
Colombo
Monday, October 6, 2025

2025 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනපති‍ගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරයි.

ඉහළ තත්ත්වයේ විවෘතභාවය ව්‍යාප්ත කිරීම චීනය දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ඇති බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය. මේ සඳහා ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන් ආර්ථික වෙළඳ රෙගුලාසි සමග සම්බන්ධ කරමින් නිදහස් වෙළඳාම පිළිබඳ අත්හදා බැලීමේ කලාප, ජාතික සේවා වෙළඳ නවෝත්පාදන සංවර්ධන ආදර්ශ කලාප යන වේදිකාවන්හි සංවර්ධනයට අවධානය යොමු කළ යුතුය. එමෙන්ම සේවා වෙළඳපොල විවෘත කිරීම විධිමත් ලෙස ප්‍රවර්ධනය කරමින් සේවා වෙළඳාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයක් සඳහා පෙළඹවීමට චීනය සූදානම් වේ. ඒ ඒ පාර්ශ්වයන් සමඟ එක්ව ගෝලීය සේවා වෙළඳාමේ විවෘත හා නවෝත්පාදන සහයෝගිතා තහවුරු කරමින් විවෘත ගෝලීය ආර්ථිකයක් ගොඩනගා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට අඛණ්ඩව නව ශක්තියක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව  ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

2025 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය අද(10) බෙයිජිං හිදී ආරම්භ විය.බුද්ධිමය තාක්ෂණයෙන් සේවා වෙළඳාමට නව ශක්තිය සැපයීම තේමා කරගත් එම ප්‍රදර්ශනය චීන වාණිජ අමාත්‍යංශය හා බෙයිජිං නාගරික රජය විසින් සංවිධාන කරන ලදි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here