27.4 C
Colombo
Monday, October 6, 2025

ඊශ්‍රායලයේ බලහත්කාරී ජනතාව ඉවත් කිරීමේ නවතම නියෝගය පිළිබඳව එක්සත් ජාතීන්ගේ බරපතල කනස්සල්ල

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ Tom Fletcher මහතා, ඊයේ(7) නිව්යෝර්ක්හිදී ප්‍රකාශයක් කරමින්, ගාසා නගරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ බලහත්කාරී ජනතාව ඉවත් කිරීමේ නවතම නියෝගය පිළිබඳව සිය බරපතල කනස්සල්ල පළ කළේ ය.

මරණය, විනාශය, කුසගින්න සහ අවතැන් වීම පලස්තීන සිවිල් වැසියන්ගේ යථාර්ථය බවට පත්වෙමින් ඇත. ඒ සියල්ල ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර ප්‍රජාව නොසලකා හරිමින් ගන්නා ලද තේරීම් වලින් පැන නැග ඇති තත්ත්වයන් බව Fletcher මහතා පැවසීය. ගාසා තීරයට මානුෂීය ආධාර වහාම සහ බාධාවකින් තොරව ලබා ගැනීම, සිවිල් වැසියන්ට ඵලදායී ආරක්ෂාවක් ලබා දීම, ජාත්‍යන්තර අධිකරණයේ තාවකාලික පියවර ක්‍රියාත්මක කිරීම, රැඳවියන් නිදහස් කිරීම සහ කඩිනම් සටන් විරාමයක් ඇති කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

ඊශ්‍රායල හමුදාව දැනට ගාසා තීරයේ සිය යුද මෙහෙයුම් වේගවත් කරමින් සිටින බව ඊශ්‍රායල අග්‍රාමත්‍ය Benjamin Netanyahu ඊයේ(7) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී පැවසීය.

මේ වන විට ලක්ෂයක පමණ පිරිසක් ගාසා නගරයෙන් ඉවත් කර ඇත. ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට ඉඩ සැලසීම සඳහා ඊශ්‍රායලය “තවත් මානුෂීය කලාපයක් ස්ථාපිත කර ඇත” යනුවෙන් Benjamin Netanyahu පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here