27.4 C
Colombo
Monday, October 6, 2025

25 වන චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනපති‍ ගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

25 වන චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

“ද්විපාර්ශ්වික ආයෝජන පුළුල් කරමින් ගෝලීය සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනයේ සදාකාලික තේමාව බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය. විවෘත ගෝලීය ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය, ගෝලීය ආයෝජකයින්ට ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා ඵලදායී වේදිකාවක් බවට පත්ව ඇතැයි, හෙතෙම පැවසීය.

ඉහළ මට්ටමේ විවෘතභාවය චීනය නොසැලී පුළුල් කරන අතර, වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකරණය ප්‍රවර්ධනය කරන බව ද, ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. එසේම ලෝකය සමඟ චීනයේ සංවර්ධන අවස්ථා බෙදා ගැනීම අඛණ්ඩව සිදු කරන බවත්, ගෝලීය සංවර්ධනයට චීනය වඩාත් ධනාත්මක ශක්තියක් සහ නිශ්චිතභාවයක් ලබා දෙනු ඇති බවත්, ෂී ජින් පිං එහිදී අවධාරණය කළේ ය.

  1. චීන වාණිජ අමාත්‍යාංශය විසින් සත්කාරකත්වය දරන 25 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය, අද(8) Fujian පළාතේ Xiamen නගරයේදී ආරම්භ
- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here