27.4 C
Colombo
Monday, October 6, 2025

සාමය සහ යුක්තිය අවධාරණය කෙරෙන‍ ස්ථාවර ලොවක් වෙනුවෙන් චීන ජනපති දුන් පණිවිඩය කාලෝචිත ය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර උත්සවයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ දේශනයෙන් ලබා දුන් පණිවිඩය වත්මන් ලෝකයට ඉතා වැදගත් බව සර්බියා ජනාධිපති Aleksandar Vucic මහතා පවසයි. ඔහු‍ මේ බව පැවසුවේ ඊයේ (4) චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සාමය සහ යුක්තිය අවධාරණය කරමින් සහ ලෝක ස්ථාවරත්වය සහ සන්සුන් භාවය පවත්වා ගැනීම තහවුරු කරමින් ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ලබා දුන් දේශපාලන පණිවිඩය විශේෂයෙන් වැදගත් බව ඔහු පැවසීය. ෂී ජින් පිං මහතා අවධාරණය කළ කරුණුවලට ලෝකයේ සෑම කෙනෙකුම සහාය දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද Vucic මහතා පැවසීය.

දෙවන ලෝක යුද්ධයේ ඓතිහාසික කරුණු විකෘති කිරීමට ලොව පුරා ගත් බොහෝ නින්දිත උත්සාහයන් දැක ඇති බව ඔහු පැවසීය. එබැවින් තම රාජ්‍යයන් ආක්‍රමණය කළ පුද්ගලයන්ට නිවැරදි තොරතුරු පිළිබඳ අනවබෝධයෙන් කරුණු විකෘති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here