28.7 C
Colombo
Monday, October 6, 2025

දෙවන ලෝක යුද සමයේ දී නැගෙනහිර යුද බිමේ චීනයේ ප්‍රධාන භූමිකාව පිළිගන්නා බව ගෝලීය මත විමසුමකින් හෙළි වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වන සංවත්සරයේ අනුස්මරණ උත්සවය හෙට (03) දිනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඊට සමගාමීව ලොව පුරා රටවල් 39 ක් ආවරණය කරමින් ප්‍රතිචාර දැක්වූවන් 11,613 ක් එක් කර ගනිමින් CGTN මාධ්‍ය ජාලය පවත්වන ලද නවතම ගෝලීය සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන නැගෙනහිර යුද භූමියක් ලෙස පැවති චීනයේ භූමිකාව පුළුල් ලෙස පිළිගන්නා බවයි. එම යුද්ධයෙන් ජය ලබා ගැනීම සඳහා චීනයේ කැපී පෙනෙන දායකත්වයන් සහ දැවැන්ත කැපකිරීම් ද ධනාත්මකව පිළිගන්නා බව ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර ඇත.

පෙර නොවූ විරූ ලෙසින් වසර 14 ක් පුරා පැවති මෙම යුද්ධයේ දී, මිලියන 35ක චීන හමුදාව සහ සිවිල් වැසියන් දිවි පිදූ අතර ආර්ථිකමය වශයෙන් ද ඩොලර් බිලියන 600කට අධික පාඩුවක් සිදු විය. මෙම සියලු අසීරුතාවන්ගෙන් පෙළී සිටි චීන ජනතාව ජපාන ආක්‍රමණයට දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්වන්නට විය. අවසානයේ සතුරන් පරාජය කරමින් දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන නැගෙනහිර යුද පිටියක්ව පැවති චීනයේ භූමිකාව සුරක්ෂිත කරන්නට වීරෝදාර චීන ජනතාව සමත් විය.

ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය යුද්ධයට චීනය ලබා දුන් මෙම අතිමහත් දායකත්වය පිළිගන්නා බව අදාළ සමීක්ෂණයට එක්ව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 73.6 ක් ප්‍රකාශ කර ඇත. තවද, සමීක්ෂණය සිදු කළ රටවල් 39 අතුරින්, රටවල් 36 ක ප්‍රතිචාර දැක්වූවන් චීනය දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන නැගෙනහිර යුද පිටියක් ලෙස පිළිගන්නා අතර එය සමස්ත  ප්‍රමාණයෙන් සියයට 92.3 කි.

මෙහිදී සමීක්ෂණයට එක් වූ ආසියානු රටවල් අටම චීනයේ ප්‍රධාන නැගෙනහිර යුද පිටියේ භූමිකාව තහවුරු කර තිබීම ද සඳහන් කළ යුතුය. ඉන්දියාවේ සහ මැලේසියාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 70 කට වැඩි පිරිසක් නොපැකිළව එම මතය ප්‍රකාශ කර ඇත.

මෙම සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.9 ක් ජපාන ආක්‍රමණයට එරෙහිව චීනයේ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් ය. එමෙන්ම, ජපන් ආක්‍රමණයට එරෙහි වීමේදී චීනය අනෙකුත් ආසියානු ජාතීන්ට ද සහාය වූ බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 66.5 ක පිරිසක් දැනුවත් ව ඇත. එහිදී ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් ප්‍රතිචාර දැක්වූ පිරිස අතරින් සියයට 60 කට වැඩි පිරිසක් ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් සිටීම විශේෂත්වයකි.

වයස් සීමාව අනුව ගත් කළ, අවුරුදු 44 සහ ඊට අඩු වයස් සීමාව තුළ ප්‍රතිචාර දැක්වූවන්, වයස අවුරුදු 45 සහ ඊට වැඩි පිරිසට සාපේක්ෂව ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයට චීනයේ දායකත්වය පිළිබඳ ඉහළ පිළිගැනීමක් පෙන්නුම් කර ඇත. එමෙන්ම සමීක්ෂණයට ලක් කරන ලද ආසියානු රටවල් අට තුළ, වයස අවුරුදු 18 ත් 24 ත් අතර ප්‍රතිචාර දැක්වූවන්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන නැගෙනහිර යුද පිටියක් ලෙස චීනයේ තත්ත්වය, ආසියාවේ ෆැසිස්ට් විරෝධී අරගලයට චීනයේ සහයෝගය සහ ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය යුද්ධයට චීනයේ දායකත්වය පිළිබඳ ඉහළම පිළිගැනීමක් ලබා දී ඇත.

මෙම සමීක්ෂණය CGTN මාධ්‍ය ජාලය සහ චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලය විසින් නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනය හරහා ප්‍රධාන සංවර්ධිත රටවල් සහ ගෝලීය දකුණේ රටවල් ආවරණය කරමින් පවත්වන ලද්දකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here