28.7 C
Colombo
Monday, October 6, 2025

තිරසර බලශක්ති සංවර්ධනය පිළිබඳ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ නිවේදනය නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් තිරසර බලශක්ති සංවර්ධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

ගෝලීය බලශක්ති ව්‍යුහය ගැඹුරු සකස් කිරීම්වලට ලක් වෙමින් පවතී. බලශක්ති සුරක්ෂිතභාවය පවත්වා ගෙන වෙළඳපල ස්ථාවරත්වය සහතික කරමින්, සාමාජික රටවල ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා බලශක්ති පරිවර්තනය ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා සිටින බව ඔවුන් එම ප්‍රකාශයෙන් අවධාරණය ‍කර ඇත.

ඒකාබද්ධ බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බව එම ප්‍රකාශනයෙන් අවධාරණය කෙරේ. උසස් බලශක්ති තාක්ෂණයන් සංවර්ධනය කොට සාමාජික රටවල විද්‍යාත්මක පර්යේෂණ ආයතන විසින් ඒකාබද්ධ පර්යේෂණයන් ප්‍රවර්ධනය කරන ලෙසටද  එම නිවේදනය ඉල්ලා සිටී.

එසේම කුසලතා සංවර්ධනය සහ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කළ යුතු ය. 2030 වන විට ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සහ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට චීන පාර්ශ්වය එහිදී යෝජනා කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here