27.7 C
Colombo
Tuesday, August 26, 2025

චීන රුසියා සහයෝගතා යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජා‍තික මහජන කොංග්‍රසය හා රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාව අතර පූර්ණ ඉහළ මට්ටමේ සහයෝගතා යාන්ත්‍රණ සහ වේදිකා ගොඩනංවමින් අඛණ්ඩව සබඳතා ශක්තිමත් කළ යුතු බව අවධාරණ‍ය කෙරේ. චීන ජා‍තික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා මේ බව සඳහන් කළේ රුසියානු ඩූමා මණ්ඩල සභාපතිවරයා සමග චීන – රුසියා පාර්ලිමේන්තු සහයෝගා කමිටුවේ 10වන ‍රැස්වීමේ මුලසුන දරමිනි. එය බෙයිජිංහිදී පැවැත්විණ. දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශනය යටතේ චීන රුසියා පරිපූර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණය අඛණ්ඩව නව යුගයේ හිතකර, ස්ථාවර හා ඉහළ මට්ටමේ සංවර්ධන විභවයක් අත්කර ගෙන ඇති බවද Zhao Leji මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රුසියානු ඩූමා මණ්ඩල සභාපති Vyacheslav Volodin මහතා දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් චීන ජා‍තික මහජන කොංග්‍රසය සමග එක්ව ක්‍රියාවට නැංවීමට රුසියානු ඩූමා මණ්ඩලය කැමැත්තෙන් සිටින බව පැවසීය. ව්‍යාපාරික පරිසරය ප්‍රශස්ත කි‍රීම, සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය, මෙන්ම දෙවන ලෝක යුද්ධයේ නිවැරිදි ඓතිහාසික දර්ශනය සුරැකීමට එය  පිටුබලයක් වනු ඇතැයි ද හෙතෙම කීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here