27.7 C
Colombo
Tuesday, August 26, 2025

චීන ජනපති සහ රුසියානු ඩූමා මණ්ඩල සභාපති අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජනාධිපති ෂී ජින් පිං මහතා අද(26) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී රුසියානු ඩූමා මණ්ඩල සභාපති Vyacheslav Volodin මහතා හමු විය.

කැළඹිලි සහිත පරිවර්තනයක පවතින අද ලෝකය හමුවේ චීන රුසියානු සබඳතාව ස්ථාවර, පරිණත සහ උපායමාර්ගික අර්ථයන්ගෙන් පොහොසත්ව ම පවත්වාගෙන යන ප්‍රධාන බලවේගයන් අතරින් වැදගත් සබඳතාවක් බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. දෙවන ලෝක යුද්ධ සමයේදී ආසියාවේ සහ යුරෝපයේ ප්‍රධාන සටන් භූමි ලෙස, චීනය සහ සෝවියට් සංගමය ජපන් මිලිටරිවාදයටත් ජර්මානු ෆැසිස්ට් ආක්‍රමණයටත් විරෝධී අරගලයේදී දැවැන්ත ජීවන පරිත්‍යාගයක් සිදු කර දැඩි දායකත්වයක් ලබා දී ඇත. දෙපාර්ශ්වයම සාම්ප්‍රදායික මිතුදම තහවුරු කරමින් උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ගෝලීය දකුණේ රටවල් එක්සත් කර සැබෑ බහුපාර්ශ්විකත්වය අනුගමනය කළ යුතු අතර සාධාරණ හා යුක්ති සහගත ජාත්‍යන්තර විධිවිධානයක් බිහි කිරීමට චීනය හා රුසියාව යන දෙරට දායක විය යුතු බව ද හෙතෙම පැවසීය.

තම ජනාධිපතිවරයාගේ  හෘදයාංගම ආශීර්වාද ෂී ජින් පිං මහතා වෙත පිරිනමන බව රුසියානු ඩූමා මණ්ඩල සභාපති Vyacheslav Volodin මහතා එම හමුවීමේදී ප්‍රකාශ කළේය. රාජ්‍ය නායක දෙපළේ උපායමාර්ගික නායකත්වයෙන්, රුසියානු-චීන සබඳතා ඉදිරියට ගෙන ගොස් කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව හෙතෙම පැවසීය. වසර අසූවකට පෙර, සෝවියට් සංගමයේ සහ චීනයේ ජනතාව ෆැසිස්ට්වාදය පරාජයට පත්  කිරීමට දැඩි දායකත්වයක් ලබා දුන්හ. මෙම අගනා ජයග්‍රහණය සනිටුහන් කරමින් දිවි පිදූවන් සිහිපත් කරමින් මනා අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමට රුසියාව සූදානමින් සිටින බව ද Vyacheslav Volodin මහතා එහිදී අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here