27.6 C
Colombo
Thursday, August 21, 2025

6වැනි චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන ත්‍රෛපාර්ශ්වික විදේශ ඇමතිවරුන්ගේ සංවාදය පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

6වැනි චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන ත්‍රෛපාර්ශ්වික විදේශ ඇමතිවරුන්ගේ සංවාදය ඊයේ(20) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi, ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය Amir Khan Muttaqi සහ පාකිස්ථාන උප අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar යන මහත්වරු මෙම සංවාදයට සහභාගී වූහ.

ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන අතර සබඳතා යහපත් තත්ත්වයට පත් කිරීමට සහ සංවාද හා උපදේශන මගින් ද්විපාර්ශ්වික ගැටලු විසඳීමට චීනය සහය දෙන බව Wang Yi මහතා ප්‍රකාශ කළේ ය. ඇෆ්ගනිස්ථානයේ ස්ථාවරත්වය, පුනරුත්ථාපනය සහ රාජ්‍යතාන්ත්‍රික හුවමාරු පුළුල් කිරීම සඳහා චීනය සහ පාකිස්ථානය කළ උපකාර ලෝකයේ සහ කලාපීය අසල්වැසියන් අතර ප්‍රමුඛ පෙළ සිටින බව ඔහු පෙන්වා දුන්නේය. බහුපාර්ශ්වික කාර්යන්හි දී චීනය ඇෆ්ගනිස්ථානයට දිගටම සහය දක්වන අතර ඇෆ්ගනිස්ථානයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේදී සහාය වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීම, වෙළඳ හා ආයෝජන හුවමාරු වැඩි කිරීම සහ ආරක්ෂණ සංවාද යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම සඳහා පාර්ශ්ව තුනම එක්ව කටයුතු කළ යුතු බව ද Wang Yi මහතා  වැඩිදුරටත් පවසා ඇත.

ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දක්වන දායකත්වය Muttaqi මහතා සහ Dar මහතා අගය කළහ. ජාත්‍යන්තර වේදිකාවේදී ඇෆ්ගනිස්ථානයට ලබා දෙන ස්ථිර සහයෝගය වෙනුවෙන් Muttaqi මහතා චීනයට සහ පාකිස්ථානයට කෘතඥතාව පළ කළේ ය. ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවයට විශාල විභවයක් ඇති බවත් හවුල්කාරීත්වය ඒකාබද්ධව ඉදිරියට ගෙන යා යුතු බවත් Dar මහතා සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here