27.6 C
Colombo
Thursday, August 21, 2025

සුන්දර Xizang හි නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් Xizang ස්වායත්තය පිහිටුවීමේ 60 වන සංවත්සර සැමරුම චීන ජනපති ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත්ව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වෙයි. එය අද(21) පෙරවරු 10:00ට Lhasa අගනුවර පොතාලා මාලිගා චතුරශ්‍රය ඉදිරිපිට දී අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ.

Xizang ස්වායත්තයේ සිටින විවිධ ජනවර්ග නියෝජනය කරන, ඒ ඒ ක්ෂේත්‍රයන් හි නියෝජිතයෝ 20000 ක පමණ පිරිසක් එම අවස්ථාවට එක්වූහ

Xizang ස්වායත්තය පිහිටුවීමේ 60 වන සංවත්සරය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව, මධ්‍යම යුද කොමිසම යන ආයතනවල සුබ පැතුම් පණිවිඩයද එහිදී ඉදිරිපත් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති Zhang Guoqing මහතා විසින් එම පණිවිඩය  ඉදිරිපත් කරන ලදී.

ඊට අමතරව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Xizang ස්වායත්තය වෙනුවෙන් කරන ලද විශේෂ ප්‍රකාශය ඇතුළත් සමරු ඵලකය Xizang ස්වායත්තය වෙත ප්‍රදානය කෙරිණ. ‘චීන ජාතික ප්‍රජාව එක්ව ගොඩනගමින් සුන්දර Xizang හි නව පරිච්ඡේදය ආරම්භ කරමු’යන්න එහි සටහන් ව ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ නිත්‍ය සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා විසින් එම සමරු ඵලකය භාර දෙනු ලැබීණ.

එමෙන්ම Wang Huning මහතා එහිදී දේශනයක් පැවැත්වීය. ගෙවුණු වසර 60 තුළ Xizang ස්වායත්තයේ ආර්ථීක හා සමාජීය සර්ව සම්පූර්ණ සංවර්ධනයක් සාක්ෂාත් කර ගෙන තිබේන බව ඉන් කියැවිණ. ජාතික ස්වායං පාලන පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කොට ජාතික සමගිය අඛණ්ඩව තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවසීය. නව ඓතිහාසික ආරම්භයේදී ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය අනුගමනය කරමින් සමගිය, නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ Xizang ස්වායත්තයේ පාලන ප්‍රතිපත්ති පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. සමගිය, සමෘද්ධිමත්, සුසංයෝගී හා සුන්දර සමාජවාදී නවීන Xizang ස්වායත්තයක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බවද Wang Huning එහිදී පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here