චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඉන්දියානු විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා අතර සාකච්ඡාව ඊයේ (19) ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්විණ.දෙරටේ පොදු අවධානයට ලක්වූ ද්විපාර්ශ්වික, ප්‍රාදේශීය මෙන්ම ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් එහිදී එකඟතාවන් රැසකට එළඹි අතර ජයග්‍රහණ රැසක් හිමි වී ඇත.
ස්ථාවර, සහයෝගීතාව හා දූරදර්ශී චීන-ඉන්දියානු සබඳතාව දෙපාර්ශ්වයේ සංවර්ධන හැකියාව මනා ලෙස පුළුල් කිරීමට ඉවහල් වන අතර එය දෙපාර්ශ්වයේ පොදු ජයග්‍රහණයන්ට අනුකූල වන බව එහිදී යළි අවධාණය කර ඇත.දෙරටේ රාජ්‍ය නායකයන්ගේ වැදගත් එකඟතාවන් නිසි ලෙස ක්‍රියාත්මක කරමින් චීන-ඉන්දියානු සබඳතාව අඛණ්ඩව විධිමත්ව හා ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවට දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ.
ඉන්දියානු අගමැති Narendra Modi මහතා එළඹෙන ශැන්හැයි සහයෝගිතා සංවිධානයේ ටියැන්ජින් සමුළුවට එක්වීම චීනය පිළිගන්නා බව එහිදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම චීනය එම සංවිධානයේ වාරික සභාපති රටක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව පූර්ණ ලෙස අනුබල දීම පිළිබඳව ඉන්දීය පාර්ශ්වය යළි අවධාරණය කර ඇත. ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් 2026 වසරේ බ්‍රික්ස් රටවල නායකයන්ගේ රැස්වීම සංවිධානය කිරීමටත් 2027 වසරේ එම රැස්වීම චීනය සංවිධානය කිරීමටත් දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ලෙස අනුබල දීමට එහිදී එකඟ වූහ.
එමෙන්ම සහයෝගිතා ශක්තිමත් කර අන්‍යෝන්‍ය අවශ්‍යතා සලකා, මතභේදයන් නිසි ලෙස පාලනය කරමින් ඒ ඒ අන්තර් රාජ්‍ය ද්විපාර්ශ්වික සංවාද හා හුවමාරු යාන්ත්‍රණ යළි ආරම්භ කිරීම පිළිබඳව එහදී සාකච්ඡා කෙරිණ. 2026 වසරේ ඉන්දියාවේදී චීන-ඉන්දියානු උසස් පෙළේ මානව හවුමාරු යාන්ත්‍රණයේ තුත්වැනි රැස්වීම පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.
ඊට අමතරව 2025 වසරේ චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 සංවත්සරය සැමරීමේ වැඩසටහන් පැවැත්වීම, චීන මහ ගොඩබිම හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීම, සංචාරය, වාණිජ්‍ය කටයුතු හා මාධ්‍ය කටයුතු යන මානව හුවමාරු සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වීසා පහසුකම් ලබා දීම , ආර්ථික වෙළඳ ආයෝජන පහසුකම් කෙරෙහි නිසි පියවර යොදා ගැනීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවන් රැසකට එළඹී ඇත.