දින 60ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම හමාස් සංවිධානය පිළිගන්නා බව මැදපෙරදිග මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ නවතම යෝජනාව පිළිගැනීම ඊයේ(18) හමාස් සංවිධානය තහවුරු කළ බව ඊජිප්තු හා කටාර් රජයේ මාධ්‍ය වාර්තා කර ඇත. දින 60 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම මෙන්ම රඳවාගත් පුද්ගලයන්ගෙන් අඩක පමණ පිරිසක් නිදහස් කිරීම යන කරුණු එම යෝජනාවට ඇතුළත් ය.
සම්බන්ධීකරණ පාර්ශ්වයන් වන ඊජිප්තුව හා කටාර් රාජ්‍යය ඉදිරිපත් කළ සටන් විරාමය පිළිබඳ නව යෝජනාව හමාස් සංවිධානය හා පලස්තීන කණ්ඩායම් රැසක් පිළිගන්නා බව හමාස් සංවිධානය ඊයේ රාත්‍රියේ කෙටි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව, ඊජිප්තු මාධ්‍ය වාර්තාවලට අනුව, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු, ඉන්ධන, ජලය සහ විදුලිය යනාදී හදිසි මානුෂීය සහනාධාර භාණ්ඩ ගාසා තීරය වෙත ප්‍රවාහන කිරීමට ඊශ්‍රායලය වහාම අවසර දෙනු ඇතැයි ද එම නව යෝජනාවේ සඳහන් වේ.
එමෙන්ම ගාසා තීරයේ රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම සහ සුන්බුන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අවසර දෙනු ඇතැයි වාර්තා විය.