27.6 C
Colombo
Thursday, August 21, 2025

ඇමරිකානු තීරු බදු ප්‍රතිපත්තිය ජර්මානු ආර්ථික පුනර්ජීවනයට බාධාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“යුරෝපීය ආර්ථික වර්ධනයේ එන්ජිම” ලෙස දිගු කලක් තිස්සේ හැඳින්වෙන ජර්මනිය, වර්තමානයේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා වන ගමනේ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

ජර්මානු ෆෙඩරල් සංඛ්‍යාලේඛන කාර්යාලය නිකුත් කළ දත්තවලට අනුව, ජර්මනියේ මේ වසරේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය පළමුවැනි කාර්තුවට සාපේක්ෂව 0.1% කින් පහත වැටී ඇත. මෙය වෙළඳපල අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් අඩු ය. අඛණ්ඩව වසර දෙකක බිඳවැටීමකින් පසු, ජර්මානු ආර්ථිකය මේ වසරේ මුල් භාගයේ දී පහත වැටීමේ ප්‍රවණතාවයෙන් මිදිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ, ඇමරිකාවේ ඉහළ තීරුබදු බාධක සහ ජර්මනියේ දිගු කලක්  පුරා පවතින විසඳිය නොහැකි ව්‍යුහමය ගැටලු හේතුවෙන්, ජර්මනිය‍ට එබඳු ද්විත්ව පීඩනයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි. ඉන් එහි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ අපේක්ෂාවන් යළිත් සීමා කිරීමකට ලක්ව ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here