27.6 C
Colombo
Thursday, August 21, 2025

14 වැනි පස් අවුරුදු සැලැසුම් කාලය තුළ චීනය කැපී පෙනෙන ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගනී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ‘14 වැනි පස් අවුරුදු(2021-2025)සැලැස්ම’අධි ගුණාත්මක භාවයෙන් යුතුව සම්පූර්ණ කිරීම තේමා කර ගත් මාධ්‍ය හමුවක් පවත්වයි.

චීන ජාතික ක්‍රීඩා පොදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Gao Zhidan මහතා අද(19) පැවති එම මාධ්‍ය හමුවේදී  ‘14 වැනි පස් අවුරුදු(2021-2025)සැලැස්ම’කාලය තුළ බලවත් ක්‍රීඩා රටක් සංවර්ධනය කිරීමේ ජයග්‍රහණ හඳුන්වා දුන්නේය.

‘14 වැනි පස් අවුරුදු(2021-2025)සැලැස්ම’කාලය තුළ ජාතික යෝග්‍යතා ක්‍රියාකාරකම ඔස්සේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමේදී නව ප්‍රතිඵල අත්කර ගෙන ඇත. එමෙන්ම 2024 වසරේ අවසන් සමය වනවිට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක ශූරතා 519ක් දිනා ලෝක වාර්තා 68ක් පිහිටුවා තිබේ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී චීන ක්‍රීඩා කණ්ඩායම ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර පැරිස් ඔලිම්පික් උළෙලේදී චීන ක්‍රීඩා කණ්ඩායම විදේශ රටවල පැවති ඔලිම්පික් ‍උළෙල තුළ විශිෂ්ඨතම ප්‍රතිඵල නිර්මාණය කර තිබේ. ඔලිම්පික් උළෙලේ ප්‍රබල රටක් ලෙස නව යුගයේ චීන ප්‍රතිරූපය ඉන් පිළිබිඹු වේ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල, Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල, Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, Chengdu ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල හා ලෝක ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීමෙන් චීන මාදිලියේ නවීකරණයේ ක්‍රීඩා ජයග්‍රහණ කැපී පෙනෙන බව Gao Zhidan මහතා එහිදී අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here