චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය බෙයිජිංහිදී 14 වැනි පස් අවුරුදු සැලැස්ම අධි ගුණාත්මක භාවයෙන් යුතුව සම්පූර්ණ කිරීම තේමා කර ගත් මාධ්‍ය හමුවක් පවත්වයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එක්සත් පෙරමුණේ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ උප ඇමති Ma Lihuai මහතා හා ජාතික ජනවාර්ගික කටයුතු පිළිබඳ කොමිසමේ උප ප්‍රධානි Duan Yijun මහතා ඇතුළු නිලධාරීන් රැසක් අද(18) පැවති එම මාධ්‍ය හමුවේදී 14 වැනි පස් අවුරුදු සැලැසුම් කාලය තුළ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීමේ තත්ත්වය හඳුන්වා දුන්හ.
14 වැනි පස් අවුරුදු සැලැසුම් කාලය තුළ පක්ෂ අතර, ජාතීන් අතර හා ආගම් අතර සුහද සබඳතාවන් ප්‍රවර්ධනය කරමින් චීන මාදිලියේ නවීකරණය ගොඩනැගීමට පුළුල් ප්‍රඥාව හා ශක්තිය එක්රැස් කර ඇති බව Ma Lihuai මහතා එහිදී පැවසීය.
ජනවාර්ගික එකමුතුව හා නීති සම්පාදනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීන ජාතික හැඟීම නීති 11කට එකතු කර ඇති අතර ඉන් ජනවාර්ගික කටයුතු නීත්‍යනුකූලව පාලනය කිරීමට නීතිමය පදනම සැපයෙන බව Duan Yijun මහතා එම මධ්‍ය හමුවේදී කියා සිටියේය.