26.4 C
Colombo
Thursday, August 21, 2025

ඇමරිකාවේ පදනම් විරහිත චෝදනා නතර කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු නියෝජිතයා චීනයට එරෙහිව කළ චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ප්‍රතික්ෂේප කරයි. යුක්රේනයට අවි සැපයුම පිළිබඳ ගැටළුව ඊයේ (31) දිනයේ ආරක්ෂක මණ්ඩලයේ දී සලකා බැලූ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

යුක්රේන අර්බුදයට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට චීනය කිසිවිටෙකත් මාරාන්තික අවි සපයා නොමැති බවත්, ඩ්‍රෝන යානා ඇතුළු හමුදා සහ සිවිල් ජනතාව යන දෙපාර්ශ්වයටම භාවිත කළ හැකි භාණ්ඩ අපනයනය සැමවිටම දැඩි ලෙස පාලනය කර ඇති බවත් Geng Shuang මහතා කියා සිටියේ ය. චීනය රුසියාව සහ යුක්රේනය සමඟ සාමාන්‍ය වෙළඳ සබඳතා පවත්වා ගෙන යන අතර, කිසිදු ජාත්‍යන්තර නීතියක් හෝ ජාත්‍යන්තර බැඳීමක් උල්ලංඝනය කර නොමැත. එමෙන්ම,අද වනතුරුත් ඇමරිකාව රුසියාව සමඟ වෙළඳ සබඳතා තවදුරටත් පවත්වාගෙන යන පසුබිමක එවැනි සබඳතා සඳහා සෙසු රටවලට අවස්ථාවක් නොදෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කර ඇත.

තම පදනම් විරහිත චෝදනා නවතා, සටන් විරාමය සහ සාම සාකච්ඡා ප්‍රවර්ධනය සඳහා වඩාත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය නැවතත් ඇමරිකාවෙන් ඉල්ලා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here